බාලවයස්කාර පාසල් සිසුවියන් දෙදෙනකු පසුගිය පළමුවැනිදා සිට අතුරුදන් බව ත්‍රිකුණාමලය සාම්පූර් පොලිසිය පවසයි. අවුරුදු 14 – 15 වයසේ පසුවන මෙම සිසුවියන් දෙදෙනා ඉකුත් පළමුවැනිදා පාසලට ගොස් එදින සවස පන්ති සඳහා සහභාගිවී ඇති බව සාම්පූර් පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
නිවෙස්වලට යළි නොපැමිණි නිසා සිසුවියන්ගේ පවුල්වල අය මේ බව සාම්පූර් පොලිසියට පෙරේදා පැමිණිලි කර ඇත. මෙසේ අතුරුදන් බව කියනුයේ සාම්පූර් පොලිස් වසමට අයත් තෝපූර් ප්‍රදේශයේ පදිංචි සිසුවියන් දෙදෙනෙකි. අතුරුදන් සිසුවියන් දෙදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන් ගැන තොරතුරු අවට පොලිස් ස්ථානවලට ද දැනුම් දී සාම්පූර් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට