මෙතෙක් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසඳූ සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීම සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව පළමුවෙන් කෙරෙනුයේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් ලෙස සවිබල ගැන්වීමය.
මෙතෙක් පොලිසිය සතුව තිබූ පොලිස් බලතල ක්‍රියාවට නැංවීමට ග්‍රාම නිලධාරීන් පොලඹවාලනු ලබන අතර රටපුරා විසිරී සිටින ග්‍රාම නිලධාරීන් 14000ක පිරිස මේ කාර්යයේ යෙදවීම පොලිස් නිලධාරීන් 14000ක් බඳවා ගැනීමක් බඳු වනු ඇති බව රජය විශ්වාස කරයි.
මෙහි දී පොලිස් බලතල හා සමාන බලතල කොටසක් ග්‍රාම නිලධාරීන්ට ලබා දීමටද අපේක්ෂා කරයි. බිම් මට්ටමේ සිටින ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සහයෝගය ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
යම් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ අවස්ථාවක දී ඒ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමට ඉදිරියේ දී අවශ්‍ය නොවන අතර, ග්‍රාම නිලධාරිවරයා හමු වේ අදාළ පැමිණිල්ල යොදා ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතය.
එමෙන්ම, ගම්මානවල සුළු පැමිණිලි පොලිසියට නොයා ග්‍රාම නිලධාරිවරයා හමුවේ පැමිණිලි කිරීමේ අවස්ථාවද සකස් කෙරේ. මේ නිසා ජනතාවට පොලිසියට යෑමට සිදුවන අවස්ථාව අඩුවන බවද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.
ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම ව්‍යාපෘතියෙන් මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී රුපියල් මිලියන අටහමාරක මුදලක් ලැබීමට නියමිතය.
PREVIOUS :

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්