මෙතෙක් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසඳූ සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීම සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව පළමුවෙන් කෙරෙනුයේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් ලෙස සවිබල ගැන්වීමය.
මෙතෙක් පොලිසිය සතුව තිබූ පොලිස් බලතල ක්‍රියාවට නැංවීමට ග්‍රාම නිලධාරීන් පොලඹවාලනු ලබන අතර රටපුරා විසිරී සිටින ග්‍රාම නිලධාරීන් 14000ක පිරිස මේ කාර්යයේ යෙදවීම පොලිස් නිලධාරීන් 14000ක් බඳවා ගැනීමක් බඳු වනු ඇති බව රජය විශ්වාස කරයි.
මෙහි දී පොලිස් බලතල හා සමාන බලතල කොටසක් ග්‍රාම නිලධාරීන්ට ලබා දීමටද අපේක්ෂා කරයි. බිම් මට්ටමේ සිටින ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සහයෝගය ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
යම් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ අවස්ථාවක දී ඒ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමට ඉදිරියේ දී අවශ්‍ය නොවන අතර, ග්‍රාම නිලධාරිවරයා හමු වේ අදාළ පැමිණිල්ල යොදා ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතය.
එමෙන්ම, ගම්මානවල සුළු පැමිණිලි පොලිසියට නොයා ග්‍රාම නිලධාරිවරයා හමුවේ පැමිණිලි කිරීමේ අවස්ථාවද සකස් කෙරේ. මේ නිසා ජනතාවට පොලිසියට යෑමට සිදුවන අවස්ථාව අඩුවන බවද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.
ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම ව්‍යාපෘතියෙන් මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී රුපියල් මිලියන අටහමාරක මුදලක් ලැබීමට නියමිතය.
PREVIOUS :

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි