Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඊශ්‍රායලය සිය මීළඟ ඉලක්කය ගැන හෙළිකරයි

9 months ago

හිස්බුල්ලා සංවිධානයේ නව ප්‍රධානී නයිම් කසෙම් ඝාතනය කිරීම ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය බව එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මස ඝාතනය කෙරුණු හසන් නස්රල්ලා වෙනුවට නයිම් කසෙම් නායකත්වයට පත්වූ අතර, ඔහු ද ඝාතනය කරන බවට ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශයත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී ඇත.

මේ අතර, ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ජෙට් යානා ලෙබනනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම, අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ඉරානය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 555 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංවිධානය තහවුරු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *