මැදපෙරදිග කලාපය දැවැන්ත යුදමය ගැටුමක් කරා ඇදී යද්දී, අමෙරිකානු රජය සිය පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්මක පියවරක් ගෙන තිබේ. ඒ පිළිබඳ පුවත් වාර්තාව මෙසේය:
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ල කරන ප්‍රහාර හමුවේ උද්ගතව ඇති ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින්, මැදපෙරදිග කලාපයේ රටවල් 14ක වෙසෙන සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටවලින් ඉවත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුම් දී තිබේ.
මෙම දැනුම්දීම සිදුකර ඇති රටවල් අතර බහරේනය, ඊජීප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේටය, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ යේමනය ඇතුළත් වේ.
ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ, ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කිරීම සඳහා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට තමන් නියෝග කළ බවයි. ඉරානයට එරෙහිව තවමත් බරපතළ ප්‍රහාර එල්ල කර නොමැති බව පැවසූ ජනාධිපතිවරයා, මෙම ගැටුම් සති හතරක හෝ පහක කාලයකින් අවසන් වනු ඇති බවට පෙර කළ ඇස්තමේන්තු වැරදි බවත්, මේ සඳහා සැලකිය යුතු දීර්ඝ කාලයක් ගතවනු ඇති බවත් පෙන්වා දුන්නේය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට