Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මුහුදේ දිය නෑමට ගිය කැලණිය සරසවි සිසුවෙක් රළ පහරකට හසුව අතුරුදන්

1 week ago

පානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගිය කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු රළ පහරකට හසුව අතුරුදන්ව ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බුත්තල, යුදඟනාව ප්‍රදේශයේ පදිංචිව සිටි, එම විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ ඉගෙනුම ලැබූ රුවන් යාපා නමැති 24 හැවිරිදි තරුණයෙකි.

අතුරුදන් වූ සිසුවා ඊයේ (02) පස්වරුවේ සිය ඥාති පවුලක සාමාජිකයන් පස් දෙනෙකු සමඟ පානදුර මුහුදු වෙරළට පැමිණ තිබේ.

අනතුරුව ඔහු සිය ඥාති සොහොයුරෙකු ද සමඟ මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම පැමිණි ප්‍රබල රළ පහරකට හසුව නොපෙනී ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය වූ මොහොතේ සිටම අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ වූ අතර, අද (03) උදෑසන වන විටත් පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් එක්ව පානදුර මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *