ඉන්ෆ්ලුවන්සා රෝගය මේ දිවනල සීග්‍රයෙන් පැතිර යාමට පටන්ගෙන ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයක කරන්නැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ජනතාවට දැනුම්දී සිටියි.
වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන සෙම සාම්පලවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදිතයන්ගේ බව තහවුරු වී ඇතැයි විශේෂඥවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
නොවැම්බර් – දෙසැම්බර් මාසවල පවතින වර්ෂාව, ශීත කාලගුණය සේම එළඹෙන උත්සව සමයත් සමග පුද්ගල ඒකරාශී වීම් ඉහළ යාම ඉන්ෆ්ලුවන්සාව පැතිරීමට තවත් හේතුවක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම මෙම වෛරසය ගැබිනි මව්වරුන්ට ආසාදනය වුවහොත් මවට මෙන්ම දරු ගැබටද විවිධ සංකූලතාවන් ඇතිවිය හැකි බැවින් වඩාත් ආරක්ෂාකාරී සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන්නැයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ අවධාරණය කර සිටියි.
කෙසේ වෙතත් මුව ආවරණ පැලඳීම, සංචරණය සීමාකිරීම හා නිතර සබන් යොදා දෑත් සේදීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කිරීම මගින් රෝගය අසාදනය වීම වළක්වාගත හැකිය.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි