එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට තීරණය කර තිබේ.
38 හැවිරිදි මෙම පුද්ගලයාට එරෙහිව පෝර්ට්ස්මත් ක්‍රවුන් ‘Portsmouth Crown Court’ අධිකරණයේදී නඩු විභාගය පවත්වා තිබේ.
2025 අගෝස්තු 15 වන දින සවුත්හැම්ප්ටන් හි ‘හයිෆීල්ඩ් හවුස්’ (Highfield House) හෝටලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, සැකකරුට දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සහායද අධිකරණයේදී ලබා දී තිබුණි.
පැමිණිල්ල මෙහෙයවූ ජැක් ෆර්නස් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, තංගරාසා සිය ජංගම දුරකථනය ක්‍රියා නොකිරීම හේතුවෙන් කෝපයට පත්ව හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවය.
“මම ශ්‍රී ලංකාවේ කෙනෙක්, ඉන්දියාවේ සහ පකිස්තානයේ ඉන්න ඔයාලා වගේ කුඩා මිනිස්සු මට ගරු කරන්න ඕනේ” යනුවෙන් පවසමින් ඔහු සේවකයින්ට බැණ වැදී ඇති බව සඳහන් වේ.
එහිදී ඔහු සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර, එය නැවැත්වීමට උත්සාහ කළ සේවකයන් දෙදෙනෙකුට පහරදුන් බවට ද අදාළ සැකකරු මීට පෙර අවස්ථාවකදී වරද පිළිගෙන ඇති බව සඳහන් වේ.
ආරක්ෂක කැමරා දර්ශන මඟින් මෙම සිදුවීම සනාථ වී ඇති අතර, තමන් නිරුවත ප්‍රදර්ශනය කළ බව ඔහු පිළිගත්තද, එය අනෙකෙකු බිය ගැන්වීමේ චේතනාවෙන් සිදුනොකළ බව ඔහු පවසා ඇත.
කෙසේ වෙතත්, සාක්ෂි සලකා බැලූ ජූරි සභාව ඔහු වරදකරු බවට තීරණය කළ අතර නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද