කිතුල්ගල ඉන්ධන පිරවුම්හලෙන් බලපත්‍රයක් නොමැතිව භූමිතෙල් ලීටර් 4000ක්, ටැංකි 04ක පටවා කෑගල්ල දක්වා රැගෙන යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් එම ලොරි රථය අතර කර කිතුල්ගල පොලිසිය වෙත භාර කර තිබෙනවා.
ඉකුත් 05 වැනිදා අලුයම එම ඉන්ධන පිරවුම්හලට පැමිණි ලොරි රථය භූමිතෙල් පුරවන බව ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසියේ නිලධාරීන්ට දැනුම්දීමෙන් පසු ලොරි රථය, ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් රියදුරා සහ රිය සහයකයා එදිනම පොලිස් ඇප මත මුදාහැර තිබුණා.
කිතුල්ගල පොලිසියේ නිලධාරීන් කියා සිටියේ, අත්අඩංගුවට ගත් භූමිතෙල් තොගය සහ සැකකරුවන් (12) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවයි.

සූර්ය බලශක්ති බැටරි ආනයන බද්ද ඉවතට
2027 අයවැය යෝජනා
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි