හක්මන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බැංකු කළමනාකාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හක්මන කැබලියපොල දකුණ සණස බැංකු කළමනාකාරිනියයි.
අදාළ පහරදීම බැංකු කළමනාකාරිනියගේ සැමියා විසින් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පහරදීමෙන් හිසට සහ ගෙළ ප්‍රදේශයට බරපතළ තුවාළ සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඇය හක්මන ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබුණද ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර හක්මන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.