2022 අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ පෙරමුණ ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙයවන රිපබ්ලිකන් පක්ෂය සමත්ව ඇත.
ඒ අනුව විචාරකයින් පුරෝකතනය කරන්නේ කොන්ග්‍රසයේ වැඩි බලය රිපබ්ලිකන් පක්ෂයට හිමිවනු ඇති බවය.
මේ වන විට නිකුත් වී ඇති නවතම වාර්තාවලට අනුව අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසන 208ක් ජයග්‍රහණය කර රිපබ්ලිකන් පක්ෂය පෙරමුණේ පසුවනවා. එහි බහුතරය ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රී ආසන 10ක් පමණයි. ඩිමොක්‍රටික් පක්ෂයට මේ දක්වා දිනා ගත හැකිව ඇත්තේ මන්ත්‍රී ආසන 188ක් පමණයි. අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසන 435ක් ඇති අතර ඉන් 218ක් ජයගන්නා පක්ෂයට එහි බහුතරය හිමිවනවා.
මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන් පත් කරගැනීමට අදාළවයි. මෙම මැතිවරණයෙන් සෙනෙට් සභාවේ මන්ත්‍රී ආසන 100ක් ඇති අතර ඉන් 35 දෙනෙකු තෝරා ගැනෙනු ඇති. මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකම එහි සම තත්ත්වයේ පසුවනවා.
අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ දී පාලක පක්ෂය පරාජයට පත්වුවහොත් රට තුළ වඩාත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවස්ථාව පවතියි.
ඒ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනා කොන්ග්‍රසය හමුවේ ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.
අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයේ ලැබෙන ප්‍රතිඵලයට බොහෝ සෙයින් සමාන ප්‍රතිඵලයක් ඉන්පසුව පැවැත්වෙන ජනාධිපතිවරණවලදී ලැබෙන බව ඉතිහාසය සාක්ෂි දරයි.
කෙසේවෙතත් අමෙරිකානු මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කරන ජෝර්ජියාවේ ඡන්ද විමසීම මෙතෙක් පවත්වා නැහැ. එමෙන්ම සෙනෙට් ආසන තීරණය කරන නෙවාඩා සහ ඇරිසෝනා යන ප්‍රාන්තවල ප්‍රතිඵල ද නිකුත් වීමටයි නියමිතව ඇත්තේ. මෙවන් පසුබිමක ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තමන් රිපබ්ලිකන් කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී