මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු ඊයේ (17) දහවල් මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ, අවුරුදු 55ක් වූ මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
මරණකරු ඔහුගේ මිතුරෙකු සමග මරදන්කුලම වැවට ගොස් සිටි අවස්ථාවේ, දිය නාමින් සිටි ඔහුගේ පුත්‍රයා හා තවත් දරුවෙකු දියේ ගිලෙනවා දැක තිබේ.
එම අවස්ථාවේ ඔහු වැවට පැන එම දරුවන් බේරාගැනීමට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කෙසේ නමුත් මෙහිදී අවුරුදු 11 හා 12 වයස්වල පසුවන දරුවන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැත.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා