2026 දූෂිතයින් සිරගත කිරීමේ වසරක් වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක කරන ලද ප්‍රකාශය විවේචනය කරමින් හිටපු අධිකරණ ඇමතිවරයකු වූ නීතිඥ අලි සබ්‍රි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
ඔහු පවසන්නේ, කිසියම් පුද්ගලයකුට සිරදඬුවම් නියම කිරීම දේශපාලනඥයන්ට අයත් කාර්යභාරයක් නොවන බවයි.
ජනාධිපතිවරයා, නුවරඑළියේ පැවැති මැයි දින රැලියකට එක්වෙමින් පැවැසුවේ, 2026 වසර ශ්‍රී ලංකාව දූෂිතයන්, වංචාකරුවන් සහ අපරාධකරුවන් සිරගෙට යවන වසර ලෙස සලකුණු කෙරෙනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අලි සබ්‍රි තබා ඇති සටහන පහත පරිදි වේ.
‘මෙවැනි අවස්ථා අපගේ ආයතනවල ශක්තිය, විශේෂයෙන් බලතල බෙදීම සහ අධිකරණ ස්වාධීනත්වය පරීක්ෂා කරයි.
ස්වාධීන අධිකරණයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාර්තාව අප ආරක්ෂා කළ යුතු සහ තහවුරු කළ යුතු එකකි.
සිරදඬුවම් නියම කරන්නේ දේශපාලනඥයන් නොවේ.
මෙය සරලව පැවසිමකි!’

කාන්තාවකට මරු කැඳ වූ අකුණු සැර පහර
පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්
සියලුම ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමයි
කොළඹ උද්ධමනයේ දැවැන්ත වැඩිවීමක්
කෙසෙල්ගමුඔයට පැන්න පුද්ගලයාගේ මළසිරුර සොයා ගැනේ
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
සියදිවි හානිකරගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය