බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ දෙරට අතර පැවති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 03කින් ජයගැනීමත් සමගයි.
බංග්ලාදේශයේ ශිල්හේට්හි ආරම්භවීමට නියමිතව තිබූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග එක් ඉනිමක් පන්දුවාර 09කට සීමා වුණා.
ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 87ක්.
ජයග්‍රහණය සඳහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 84ක් පමණයි.
ඒ අනුව මෙම තරගයේ ලබා ගත් ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙර පැවති පළමු සහ දෙවන විස්සයි විස්ස තරග ද ජයගෙන තිබූ නිසා තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්