උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවර පැවති මධ්‍යම හා දකුණු ආසියානු සත් සාමාජික (CASA 7s) රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (17) පස්වරුවේ සමත් විය.
අවසන් මහා තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම ලකුණු 31-10ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවිය.
තරගය ආරම්භයේ සිටිම ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකාව, පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු ලකුණු 14-05ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
තරගාවලිය ආරම්භයේ සිටම විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව, අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණ මෙම ජයග්‍රහණය අත්පත්කරගැනීම විශේෂත්වයක්ය.
මෙම තරගාවලිය සඳහා මධ්‍යම ආසියාව නියෝජනය කරමින් කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය එක්ව ඇත.
එමෙන්ම දකුණු ආසියාව නියෝජනය කරමින් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව සිටියි.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්