අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 337 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මහ බැංකුව විසින් අද (03) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.00ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 337.97ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (02) වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 326.75ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 336.60ක් ලෙස ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.
මේ අතර අද පෙරවරු 10.00 වන විට මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 337 සීමාව ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව බැංකු කිහිපයක් විසින් නිවේදනය කර තිබූ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.
ලංකා බැංකුව: රුපියල් 328.50 | රුපියල් 337.50
මහජන බැංකුව: රුපියල් 328.71 | රුපියල් 337.54
හැටන් නැෂනල් බැංකුව: රුපියල් 328.00 | රුපියල් 337.00
සම්පත් බැංකුව: රුපියල් 326.22 | රුපියල් 337.00
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: රුපියල් 327.47 | රුපියල් 338.53
NDB:රුපියල් 328.00 | රුපියල් 337.00
DFCC බැංකුව : රුපියල් 328.25 | රුපියල් 337.75

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්