‘නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු’ යන තේමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අසාධාරණ සහ විසකුරු ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති කතිකාවත පදනම් කරගනිමින් මෙම ලිපිය යොමු කර ඇත.
අදාළ ලිපිය මගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ, අතීතයේ පොලිස් අත්අඩංගුවේ පසුවූ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ඛේදවාචකය වැනි අමිහිරි සහ මිලේච්ඡ සිදුවීම් ප්‍රජාතන්ත්‍රවාදී රටක යළි කිසිදිනෙක සටහන් නොවිය යුතු බවයි. එබැවින් කරුණු පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කර, සුරේෂ් සලේ මහතාට ද නීතියේ සමානාත්මතාවය යටතේ සාමාන්‍ය සැකකරුවෙකු සේ සලකා කටයුතු කිරීම තහවුරු කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
මෙම විශේෂ ලිපිය සඳහා අත්සන් තබා ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්:
- ඩලස් අලහප්පෙරුම
- නීතිඥ ඩිලාන් පෙරේරා
- ඩී.බී. හේරත්
- ආචාර්ය ගුණපාල රත්නසේකර
- කරු කොඩිතුවක්කු
- වෛද්‍ය තිලක් රාජපක්ෂ
- වෛද්‍ය උපුල් ගලපත්ති
- ලලිත් එල්ලාවල
- කේ.පී.එස්. කුමාරසිරි



ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට