ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීම සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග යම්කිසි එකඟතාවයකට පැමිණිය යුත්තේ,
- මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම,
- දූෂණ මැඬලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ
- නීතියේ ආධිපත්‍ය සුරැකීම,
යන කරුණු සම්පූර්ණ කරන්නේ නම් පමණක් බවයි.
එසේම එම වැදගත් පියවර නොගතහොත් ශ්‍රී ලංකාව තවදුරටත් පාලනයෙන් තොර ණයබරින් සහ දුර්වල ආර්ථික කළමනාකරණයෙන් පීඩාවිඳිනු ඇති බවයි අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව වැඩපිළිවෙලෙහි අරමුණ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යළි ස්ථාවර කිරීම මෙන්ම දූෂණ අවදානම මැඬලීම සඳහා නව ප්‍රතිසංස්කරණ එක් කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර තිබූ Twitter සටහනකට පිළිතුරු සටහනක් තබමින් ඔවුන් මේ බව සඳහන් කර තිබුණා.


ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට