ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපති ලෙස සේවය කරන Damiano Francovigh මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර නිල හමුවක් අද (30) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ඉතාලි තානාපතිවරයාව ආරක්ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව මෙහිදී අගය කළ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක ක්ෂේත්‍රය තුළ දෙරටේ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය.
මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු ව තිබේ.
ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත මෙහිදී යළි තහවුරු කළ තානාපති Damiano Francovigh මහතා, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉතාලියේ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්