කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා මහතා පවසයි.
සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර ඔවුන් යළි සිරකුටි වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
මේ අතර, බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා ඇති අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද භාවිත කර තිබේ.

LPL සටනේ අවසන් තරගය අදයි
ඊශ්‍රායල යන්න ඉන්න අයට සුබ ආරංචියක්! රජයෙන් අවස්ථාවක්!
ශානි අබේසේකරට උසස්වීමක්
අද කාලගුණය
ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් තෑග්ගක්
ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර සන්සුන් වෙයි
ලක්ෂ්මන් යාපාට ඇප
එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා