මහා කන්නයේ ආරම්භයත් සමඟ පවතින මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් දිවයින තුළ මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ වසරේ මේ දක්වා මී උණ රෝගීන් 7,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
ඉදිරි වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවට වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා.
මී උණ රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරි දබ්බරේරා මහත්මිය මේ බව සඳහන් කළා.
සාමාන්‍යයෙන් වසරකට මී උණ රෝගය හේතුවෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මියයන බවද ඇය පෙන්වා දෙනවා.
මෙම වසරේ මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
විශේෂයෙන්ම වැසි සහිත කාලගුණය සහ ගංවතුර තත්ත්වයන් පවතින අවස්ථාවලදී කුඹුරු ආශ්‍රිතව කටයුතු කරන ගොවීන් ඇතුළු මඩ හා ජලය සමඟ ගැවසෙන පුද්ගලයන්ට රෝගය වැළඳීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මී උණ හෙවත් ලේප්ටොස්පයිරෝසිස් යනු සතුන්ගෙන් මිනිසුන්ට බෝවන බැක්ටීරියා රෝගයක්. මීයන් ඇතුළු සතුන්ගේ මුත්‍රා මඟින් බැක්ටීරියාව ජලයට හා මඩට එක්වන අතර, එම දූෂිත ජලය හෝ මඩ ශරීරයේ ඇති කැපුම්, තුවාල හෝ සමේ බිඳීම් හරහා ඇතුළු වීමෙන් රෝගය වැළඳිය හැකියි.
එබැවින් කුඹුරු වැඩ සහ මඩ ආශ්රිත කටයුතුවල නිරත වන පුද්ගලයන් රබර් බූට් සපත්තු සහ අත්වැසුම් වැනි ආරක්ෂිත උපකරණ භාවිත කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
එමෙන්ම එවැනි කටයුතුවල නිරත වීමට පෙර වෛද්‍ය උපදෙස් මත නිර්දේශිත ඖෂධ ලබාගැනීමත්, ශරීරයේ ඇති කැපුම් හා තුවාල ජලයට නිරාවරණය නොවන ලෙස ආවරණය කරගැනීමත් වැදගත් වනවා.
මී උණ රෝගයේ රෝග ලක්ෂණ ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවල ලක්ෂණවලට සමාන විය හැකි බවද වෛද්‍යවරුන් පෙන්වා දෙන අතර උණ, තද හිසරදය, මස්පිඩු වේදනාව හෝ ඇස් රතු වීම වැනි ලක්ෂණ ඇති වුවහොත් ස්වයං ප්රතිකාරවලින් වැළකී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීමෙන් බරපතළ සංකූලතා සහ ජීවිත හානි වළක්වාගත හැකි බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරනවා.

පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු