රටේ රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ ප්රයත්නයන්හි කොටසක් වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සහ සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීමට ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අනුව, ඉකුත් නොවැම්බර් 7 වන දින අමාත්‍යාංශය සහ අසර්බයිජානයේ ASAN සේවා ආයතනය අතර මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ බව සඳහන්.
එසේම ගිවිසුම යටතේ, රාජ්‍ය සේවා සැපයීමට අදාළ අංශවල සේවය කරන ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ට පුහුණුව සහ සීමාවාසික පුහුණුව ලබා දෙනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම මුලපිරීම මඟින් අසර්බයිජානයේ තෝරාගත් ශ්‍රී ලාංකික පුහුණුකරුවන් සඳහා පුහුණුව ලබා දීමට ද පහසුකම් සපයනු ඇති අතර, අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සංවර්ධනය කර පවත්වයි.
එසේම අමාත්‍යාංශය පැවසුවේ ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන අංශයේ සහ රාජ්‍ය සේවා සැපයුම් යාන්ත්‍රණයන්හි සැලකිය යුතු දියුණුවක් වෙනුවෙන් මෙම ගිවිසුම දායක වනු ඇති බව අපේක්ෂා කරන බවයි.
ඉකුත් නොවැම්බර් 5 සහ 6 යන දිනවල අසර්බයිජානයේ බකු හි ගුලුස්තාන් මාලිගයේ පැවති එක්සත් ජාතීන්ගේ රජයේ නවෝත්පාදන සමුළුවට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.
එසේම සමුළුවේ පැවති විද්වත් සාකච්ඡාවක් අමතමින් අමාත්‍ය අබේරත්න මහතා, මහජන විශ්වාසය ශක්තිමත් කරන අතරම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමේ සහ ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ බව සඳහන්.

ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
අයවැයෙන් හිමිවන සහන ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්
ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
පළාත් 5කට ලොකු වැස්සක්
වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට