Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්

7 minutes ago

එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ පළමු එක්දින (ODI) තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

දෙරට අතර පැවැත්වෙන මෙම තරග සංචාරය එක්දින තරග 3කින් සහ විස්සයි20 (T20I) තරග 3කින් සමන්විත වන අතර, පූර්ව තරග කාලසටහනට අනුව පළමු එක්දින තරගය දෙසැම්බර් 13 වැනිදා දිල්ලි හිදී පැවැත්වීමට සංවිධානය කර තිබිණි.

කෙසේ වෙතත්, අදාළ කාලසීමාව තුළ දිල්ලි නගරයේ පැවතිය හැකි කාලගුණික බාධා කිරීම් මෙන්ම දිල්ලි ක්‍රීඩාංගණයේ සිදුකිරීමට යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු මුල් කරගනිමින්, තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරන ලෙස දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය (DDCA) විසින් ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව දෙරට අතර පළමු එක්දින තරගය විශාකාපට්නම් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *