කඩුගන්නාව මාර්ගයේ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගය හෙට (11) උදෑසන 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවය.
ඒ අනුව මෙම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා රියදුරන් වෙත දැනුම්දීමක්ද සිදුකර තිබේ.
අද (10) පස්වරුවේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීම් වාර්තා විය.
ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වන අතර මෙම ගල් පෙරළීම් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකටද හානි සිදුවිය.
ඒ අනුව පවතින තත්ත්වය මත ආරක්ෂාකාරී පියවරක් ලෙස මෙම මාර්ගය කඩුගන්නාව – ගනේතැන්න අතර කොටස වසා දැමීමටද පොලිසිය පියවර ගනු ලැබීය.

වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට
චාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග
සිංහරාජයෙන් අල්ලාගත් දුර්ලභ සතුන් 250ක් සමඟ චීන්නු 4ක් අත්අඩංගුවට
ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්
බස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
බිත්තර මිල අහස උසට නගින ලකුණු
බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්! දෙනෙකු මරුට! 50කට තුවාල! (ඡායාරූප)
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනයක්
රටම සොයන කහ සමනලුන් ආ හේතුව මෙන්න
රට වටේම වෛද්‍යවරු අද කොළඹට
කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි
අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යානා සම්බන්ධව මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්