2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදි ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම, පසුගිය ඔක්තෝබර් 07 වන දින කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 20 වන දින පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතය.
2027 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 6.00ට සිදුකිරීමට නියමිතය.
මේ අතර මේ වසරේ පළමු මාස 9 තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන සියයට 20කින් ඉහළ ගොස් තිබේ.
2025 වසරේ පළමු මාස 9 තුළ රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් පැවති නමුත් මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 22.3ක අයවැය අතිරික්තයක් වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන වාර්තාවට අනුව මේ වසරේ මුල් මාස 9 තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4594.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බදු ආදායම ද මේ වසරේ පළමු මාස 9 තුළ සියයට 19කින් ඉහළ ගොස් ඇති අතර බදු නොවන ආදායම සියයට 30කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු