Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්

20 minutes ago

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන්රථ සේවාවේ මෙහෙයුම් ධාරිතාව පුළුල් කරමින්, එහි කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 1.72ක මූල්‍ය ප්‍රදානයක් යටතේ නව ගිලන්රථ 100ක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කර හුවමාරු කර ගැනීම අද (11) කොළඹදී පැවැති ප්‍රථම බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව සිදු කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා රජයේ විශේෂ ඉල්ලීමකට අනුව ලැබෙන මෙම ප්‍රදානය හරහා සුවසැරිය ගිලන්රථ ඇණිය ශක්තිමත් කරමින්, හදිසි අවස්ථාවලදී රෝගීන් වෙත ළඟාවීමට ගතවන ප්‍රතිචාර කාලය මිනිත්තු 10කට අඩු මට්ටමකට ගෙන ඒම ප්‍රධාන අරමුණයි.

ඉන්දීය රජයේ මූල්‍ය සහායෙන් 1990 සුවසැරිය සේවාව 2016 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක ප්‍රදානයක් යටතේ ගිලන්රථ 88කින් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළා.

ඉන් අනතුරුව 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක අතිරේක ප්‍රදානයකින් තවත් ගිලන්රථ 209ක් එක් කරමින් එම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කෙරුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *