2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.
2027 අයවැය විශේෂ යෝජනා වැඩසටහන පහතින් දැක්වේ.
- මැදපෙරදිග යුද්ධය අපෙගේ බලශක්ති වෙළෙඳපොළට බලපෑම් කළ අතර ඒ වෙනුවෙන් මෙරට ජනතාවට සහනාධාර වෙනුවෙන් බිලියන 144ක් වැය කරා…
- අපගේ ඉලක්කය වන්නේ ආර්ථික කළමනාකරණය මෙන්ම අනාගත පරපුරට මින් ඉදිරියට අතීතයේ මෙන් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට කටයුතු කිරීමයි.
- වසර 68 කට පසු අඩුම අයවැය අගය වාර්තා කළා.
- පසුගිය දෙවසර තුළ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවුණා.
- 2025 වසරේ දී ජංගම ගිණුම ඩොලර් මිලියන 1,719ක ඉතිහාසයේ ඉහළම අතිරික්තයක්.
- මේ වසරේ ඩොලර් බිලියන 9 ඉක්මවූ විදෙස් ප්‍රේෂණ අපේක්ෂා කරනවා.
- 2022 අවසන් විට පැවති ණය ප්‍රමාණය 2025 අවසානය වනවිට 95%ක් දක්වා අඩුකරගැනීමට සමත් වුණා.
- 2022 වසරේ රාජ්‍ය ආදායමෙන් 79.1%ක් පොලී ගෙවීමට වැය වුණා. 2025 වසර වනවිට එය 45.9% දක්වාත් 2026 සැප්තැම්බර් වනවිට 39.6% දක්වාත් තවදුරටත් අඩුකිරීමට හැකි වුණා.
- 2022 දී රාජ්‍ය ව්‍යවසායන් 52ක් වෙනුවෙන් වාර්තා කළ රු බි 744.6ක සමස්ත බද්දට පෙර සුද්ද අලාභය 2025 දී රු බි 44.4 ලාභයක් බවට පත් කළා. මහා භාණ්ඩාගාරයට තිබුණු පීඩනය අඩු කරා. 2026 අගෝස්තු අවසානයේ රු බි 367 බදු පෙර ලාභයක් රාජ්‍ය ආයතන වාර්තා කළා.
- 2018 වසරෙ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගත් දින සිට 2025 දක්වා සමස්ත සමුච්චිත අලාභය රු බි 528ක්. භාණ්ඩාගාරයට බරක් වෙලා. විසඳුම් හොයන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා.
- ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා 2025 සමස්ත ඉන්ධන ආනයනය වෙනුවෙන් ඩො මිලියන 4042ක්. 2026 සැප්තැම්බර් වනවිට එයට ඩො මිලියන 4487ක් වැයවුණා.
- වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීම තුළ විදෙස් සංචිත 2026 ඔක්තෝබර් ඩොලර් බිලියන 7 ඉක්මවයි. මේ වනවිට ඩොලර් 1.5ක LC විවෘත කරලා. ඩොලර් බිලියන 2කට වැඩි වැය බරක් ඉන්ධන වෙනුවෙන් දැරීමට සිදුවෙනවා.
- 2025 දෙසැම්බර් මාසයේ 2.1% වාර්ෂික උද්ධමනය 2026 ඔක්තෝබර් 8.3%කට වැඩි වුණා.
- රාජ්‍ය බැංකු පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය 2024 හා සංසන්දනය කිරීමේදී 25%කින් ඉහළ ගියා.
- පසුගිය වසර 2ක තුළ ආර්ථික, සමාජීය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රගතියක්. 2026 වන විට රේටින් සමාගම් මඟින් CC+ සිට B- දක්වා ඉහළ නංවා තිබෙනවා. බංකොළොත් වෙලා තිබුණ රටක්.
- 2025 වසරේ දී තනිව සංචාරය කරන්නන්ගේ වර්ගීකරණයට අනුව ලෝක දර්ශකයේ පළමු තැනශ්රී ලංකාවට.
- 2026 වනවිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කෙරේ.
- 2027 අයවැයෙන් මෙතෙක් අපි අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ සහ යෝජනා ක්‍රියාවට නැංවීමයි.
- 2027 අයවැයේ උපායමාර්ගික අරමුණු 7ක්.
- 2028 ණය ගෙවීමේ මූල්‍ය ස්ථාවරය අප සතුයි. 2032 රාජ්‍ය ණය 95%දක්වා අඩු කිරීමට IMF ඉලක්කයයි. එය අභියෝගයකි.
- 2027 අයවැය යෝජනා
- ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත නීතිපති නිෂ්කාශන සඳහා ඉදිරිපත් කෙරේ.

කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට
මී උණ අවදානම ඉහළට
පළාත් 5ට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි
සුවසැරියට ඉන්දියාවෙන් තවත් තෑග්ගක්
2027 අයවැය යෝජනා ජනපති අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්