ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (15) උදෑසන වන විට ත්‍රිකුණාමලය සිට කි.මී. 600 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර අද දින වන විට ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතී.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර,
බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට
කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරවනීය නාම පුවරුවට
ගෑස් මිල වැඩි කළේ ලාභ ලැබීමට නොවෙයි! ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයේ සම්පූර්ණ ගණන් හිලව් එළියට!
කලක් නිහඬව සිටි කාංචන විජේසේකර යළි සිය හඬ අවදි කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
කළුතර අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට