නකල්ස් කඳුකරයේ බටහිර බෑවුමට ආසන්නව පිහිටි උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ, කන්දකැටිය ප්‍රදේශයෙන් මීට මාස පහකට පමණ පෙර අතුරුදන් වූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක්, මාස දෙකක් වයසැති බිළිඳියක සමඟ වනගත ගල් ගුහාවක රැඳී සිටියදී සොයා ගැනීමට උඩුදුම්බර පොලිසිය සමත්ව තිබේ.
දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් කළ පැමිණිල්ලකට අනුව උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි. එහිදී ප්‍රදේශයේ වෙළෙඳසැලකින් දිනපතා තනි පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් මිලදී ගෙන යන 23 හැවිරිදි තරුණයෙකු පිළිබඳව පොලිසියට සැක මතුව ඇත.
අදාළ තරුණයා පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඉටිරෙදිවලින් ආවරණය කර තිබූ ගල් ගුහාවක් තුළ මාස දෙකක බිළිඳියක සමඟ සිටි මෙම 15 හැවිරිදි දැරිය සොයාගෙන තිබේ.
විමර්ශනවලදී හෙළි වූ සංවේදී කරුණු:
- ගල් ගුහාව තුළම දරු ප්‍රසූතිය: අත්අඩංගුවට ගත් 23 හැවිරිදි තරුණයාගෙන් සහ දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දරුවා එම ගල් ගුහාව තුළදීම ප්‍රසූත කර ඇති බවයි.
- අනාරක්ෂිත ක්‍රියාමාර්ග: දරු ප්‍රසූතියෙන් අනතුරුව බිළිඳියගේ පෙකණි වැල කපා ඇත්තේ කිතුල් කර්මාන්තයට යොදා ගන්නා තියුණු ආයුධයකින් බවත්, කිතුල් පැණි සෑදීමට භාවිතා කරන තාච්චියක දමා බිළිඳිය නාවා ඇති බවත් පියා පොලිසිය හමුවේ පවසා ඇත.
- වනගත අත්බෙහෙත්: මවට සහ බිළිඳියට ප්‍රතිකාර ලබා දී ඇත්තේ කැලෑවෙන් සොයාගත් අත්බෙහෙත් වර්ග භාවිත කරමිනි.
සිද්ධියට අදාළව බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයා සහ ඔහුට සහාය ලබා දුන් බව කියන 36 හැවිරිදි ඥාතියෙකු උඩුදුම්බර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් භාරයට ගත් බාලවයස්කාර මව සහ මාස දෙකක් වයසැති බිළිඳිය පිරිසිදු කිරීමෙන් අනතුරුව, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. උඩුදුම්බර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

ගෑස් මිල වැඩි කළේ ලාභ ලැබීමට නොවෙයි! ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයේ සම්පූර්ණ ගණන් හිලව් එළියට!
කලක් නිහඬව සිටි කාංචන විජේසේකර යළි සිය හඬ අවදි කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
කළුතර අවන්හල් හිමිකරු සහ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
නුවරඑළියේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට පාසල් සිසුන්ට රු. 10,000ක වවුචරයක්! අවශ්‍ය සුදුසුකම් මෙන්න!
නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන
විදුහල්පති සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සාකච්ඡාවක්
අද කාලගුණ නිවේදනය
ශිරාන් බාසික්ගේ සුපිරි තෙමහල් තෙමල් නිවසක් තහනම් කෙරේ
නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්! ශ්‍රී ලංකා වාර්තාව අසලටම නවසීලන්තය එයි!
පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට සහනයක්! ලබන මාසයේ සිට අභ්‍යාස පොත්වල මිලෙහි දැනෙන වෙනසක්!