Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්

8 minutes ago

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවක අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු සොයාගත් 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීමට රජයේ පාර්ශ්වයෙන් සිදුකළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් හා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය නිවේදනය කරයි.

මවක ලෙස තමන්ට ද මෙම සිදුවීම අතිශය කම්පනකාරී බව සඳහන් කරන අමාත්‍යවරිය, මව්පියන් සහ දරුවන් අතර අන්‍යෝන්‍ය සන්නිවේදනය ගිලිහී යාම නිසා දරුවන් සිය සමීපතම පරිසරය තුළම අනාරක්ෂිත වන බව පෙන්වා දෙයි.

“මව්පියන් ළඟ තමන් සුරක්ෂිතයි” යන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට කටයුතු කරන ලෙස ඇය සියලු මව්පියන්ගෙන් ඉල්ලා සිටී.

අනාරක්ෂිතභාවයට පත්වන දරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන විසඳුමක් ලෙස 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු සියලු කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *