Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම

7 minutes ago

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර, ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියෝ ඉල්ලා සිටිති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අද (නොවැම්බර් 16) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඊට පෙර අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී තීන්දු තීරණ ගැනීම සඳහා පත්කෙරුණු ජනාධිපති උපදේශක සභාවේ රැස්වීමක්ද එහිදී පැවැත්විණි.

ප්‍රවෘත්ති සාකච්ඡාවේ ප්‍රධාන කරුණු:

ජනාධිපති උපදේශක සභාවේ සම සභාපතිවරුන් වන පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සංවර්ධන සැලැස්මේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට නොහැකි වීම පිළිබඳව ඥානතිලක හිමියෝ කනගාටුව පළ කළහ.

පූජාභූමිය වටා ඉදිකිරීමට යෝජනා කර තිබූ වැට සම්බන්ධයෙන් ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වී තිබූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බව ඥානතිලක හිමියෝ අවධාරණය කළහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *