Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුමේෂ් තරංග වෙනුවෙන් රජය පෙරට එයි! නෝර්ඩික් සමාගමේ නව හෙල්ල 5ක්!

24 minutes ago

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද නව හෙල්ල 5කින් සමන්විත කට්ටලයක් ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ඔහු වෙත භාර දී තිබේ. අද (නොවැම්බර් 16) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම උපකරණ නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ලොව ප්‍රකට හෙල්ල නිෂ්පාදන සමාගමක් වන නෝර්ඩික් (Nordic) සමාගම වෙත රුමේෂ්ගේ ක්‍රීඩා විලාසය, තාක්ෂණික අවශ්‍යතා සහ පුහුණුවීම්වලට ගැළපෙන පරිදි මෙම හෙල්ල 5 ඇණවුම් කර තිබූ අතර, ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දරා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා හෙළි කළ අනෙකුත් ප්‍රධාන කරුණු:

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන වර්ෂය කුමක් වුවත් ප්‍රකාශයට පත් කළ මූල්‍ය ත්‍යාගය එලෙසම ලබා දීමටත්, ඕනෑම තරගාවලියක ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ලබා දීමට හැකි වන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන කැබිනට් පත්‍රිකා හරහා ප්‍රතිපාදන වෙන් කිරීමටත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. 2025 සහ 2026 වසරවලදීද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් ලබා දීමට කටයුතු කර ඇත.

පාසල් ක්‍රීඩකයින් 1,900කට පමණ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයින් සඳහා ඉදිරියේදී විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වා පුහුණුව ලබා දීමට අපේක්ෂා කරන අතර, මේ වන විටත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට විදේශීය පුහුණුවීම් ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *