උෂ්ණාධික කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතවන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශවවල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බවය.
ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ අත්‍යවශ්‍ය රාජකාරී සිදුකරන පිරිස් එම සේවා සිදුකරන ස්ථානවලදී, ලබාදී ඇති මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ද ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවය.
“ඉදිරි සති කිහිපය තුළ උෂ්ණත්වය පහළ යනකම් ආයතන ප්‍රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා ඔවුන්ගේ සේවක සේවිකාවන් මෙවැනි තත්ත්වයන්ට ආවරණය නොවී, සමහර සේවාවන් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ආරක්ෂක අංශයේ සේවය කරන අයට, ඒ නිසා ඔවුන් පිළිබඳ අවධානය යොමු කරලා අවශ්‍ය ජලය ලබාදීලා ඒ වගේ දෙවල් කරන්නට ඕනේ. ඒ කාලසටහනේ යම්කිසි වෙනසක් කරන්න පුලුවන්නම් ඉදිරි දින කිහිපය සහ සති කිහිපයකට එක ඉතාම හොඳ දෙයක් වෙනවා මේ තත්ත්වය වළක්වා ගැනීමට.”


රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්