Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස

8 minutes ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස අතිප්‍රමාණය වී ඇති බව නිරීක්ෂණය වේ.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 332.38 සිට රු. 324.66ක් දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල රු. 342.08 සිට රු. 335.39ක් දක්වා සුවිශේෂී ලෙස පහළ ගොස් තිබේ.

අපනයනකරුවන්හට සිය අපනයන ඉපැයීම් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු ඒවා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම සඳහා දී තිබූ කාලය මාස 03 සිට මාස 01ක් දක්වා අඩු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (09) දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව ඕනෑම මාසයක් තුළ, අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් ගැසට් පත්‍රයේ සඳහන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව, ශේෂය එළැඹෙන මාසයේ දහවන (10) දින හෝ ඊට ප්‍රථම රුපියල් බවට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතු වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *