දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා.
ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.
2019 වසරේදී රුපියල් මිලියන 16. 5 ක මන්ත්‍රී ප්‍රතිපාදනවලින් පළාතේ ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීමේ චෝදනාව මතයි.
එලෙස මිලදී ගන්නා පුටු 16,361 ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 54කගේ නිවාස හා කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මගින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්
ෂාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට
රුපියල නැගිටියි