ප්‍රදේශ කිහිපයකට අද (28) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇත.
උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.
තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකි බවටද අනතුරු අඟවයි.
මේ හේතුවෙන් වැඩ බිම් තුළ ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.
නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය වනවා.
කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසටද දැනුම් දී තිබෙනවා.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතුයි. ඊට අමතරව සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙනවා.


ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන ගත් තීරණයක්
Whatsapp අලුත් වෙයි! ඔබේ දුරකථන අංකය වෙනත් අයගෙන් සඟවන්නට අවස්ථාවක්!
MR. කොත්තු අත්අඩංගුවට
අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි