දිවයිනේ පවතින නිරිතදිග මෝසම් දේශගුණික තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇද හැලීමේ සම්භාවිතාවක් පවතී.
මේ අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින දේශගුණික රටාවට අනුව ඌව පළාතේත්, අම්පාර සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
පවතින අස්ථායී කාලගුණ තත්ත්වය මත බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර පමණ වන තද සුළං ඇතිවිය හැකි බව අදාළ නිවේදනයේ සටහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද වර්ධනය විය හැකිය. එමඟින් සහ දරුණු අකුණු මඟින් (Lightning) සිදුවන ජීවිත හා දේපළ අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය