ගලෙන්බිදුණුවැව – පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ඊයේ (04) පෙරවරුවේ පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගොඩබැස්සවීමත් සමඟ එම ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වුණා.
කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා පිරිසක් මෙම හෙළිකොප්ටර් යානයෙන් පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් අතර සැකයක් මතුවීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කොකාවැව පොලිසියෙන් සිදුකළ විමසීමකදී සඳහන් කර සිටියේ, පිළිකා රෝගියෙකු සඳහා ප්‍රදේශයේ පිහිටි දේවාලයකින් ආශිර්වාද ලබාගෙන යාම සඳහා මෙම පිරිස අදාළ හෙළිකොප්ටර් යානයෙන් මෙලෙස පැමිණ තිබූ බවයි.
වාහනයකින් ඊයේ (04) අලුයම් කාලයේ අදාළ රෝගියා දේවාලයට රැගෙන ආ බවට අනාවරණය වී ඇති අතර ඔහුට යළි එම වාහනයෙන් ගමන් කිරීමට පැවති අපහසුතාව මත ඔහුගේ ඥාතීන් විසින් මෙලෙස පුද්ගලික සමාගමකට අයත් හෙළිකොප්ටර් යානයක් ගෙන්වාගෙන රෝගියාව රැගෙන යාමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙලෙස හෙළිකොප්ටර් යානයෙන් ගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බවටයි අනාවරණය වී ඇත්තේ.


වසන්ත කරන්නාගොඩට ඇප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වසාදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්
2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි
රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය
නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි! එක් එක් ගාස්තුවෙහි සිදුවන වෙනස මෙන්න!
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත් හේතූව එළියට! යෝෂිතගේ නමත් ගෑවෙයි!
රේගුවෙන් වාර්තාගත ආදායමක්
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ 43ක් වංචා කළ 23 හැවිරිදි සැකකරුවෙක් දැලේ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අද අව් – වැසි තත්ත්වය