Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙක්

3 years ago

මෙම 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නමි කිරීමට ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාව පියවර ගෙන ඇත.

ආසියාවේ විද්‍යාඥයන්ගේ නව නිපැයුම්, ඔවුන්ගේ ජයග්‍රහණ, විද්‍යාවට කරන සේවය ඇගැයීමට ලක් කිරීම සහ ඔවුන්ගේ දස්කම් විස්කම් ලොවට පවසන්නේත් ‘ඒෂියන් සයන්ටිස්’ සඟරාව විසින්ය.

මෙවර ආසියාවේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකු ඇතුළත් කර ඇත.

එම ශ්‍රී ලාංකික විද්‍යාඥවයන් සිවුදෙනා වන්නේ, සාගර ජීව විද්‍යාඥවරිය ‘ඕෂන්ස්වෙල්’ නිර්මාතෘ ආශා ඩි වෝස්, වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග වේ.

ආශා ඩි වෝස් නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන අතර ඇය සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික විද්‍යාඥවරිය වෙි.

කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳව නිරන්තර පර්යේෂණ, ලේඛන සහ උපදේශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇති අතර ඔහු 2022 වසරේ 7 වැනි ෂෙයික් ෆහ්මද් හිරෝෂිමා – ආසෙියා ස්පෝට්ස් ඇන්ඩ් මෙඩිසින් සම්මානයෙන් පුදුම් ලැබ ඇත.

වෛද්‍ය ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ව විද්‍යාවෙන් 2022 ලිනියානු පදක්කම දිනාගත් අතර, එම පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග කාර්මික සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම වෙනුවෙන් 2022 වසරේ ‘ඕඩබ්ලිව්එස්ඩී-එල්ස්වයර්’ පදනමේ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *