Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තාවක් තබයි

3 years ago

ලොව විශාලතම සහ බරම වකුගඩු ගල් (කලනය) ප්‍රධාන ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම බ්‍රහස්පතින්දා (ජුනි 1) කොළඹ යුද හමුදා රෝහලේ දී ගිනස් ලෝක වාර්තා අතරට එක් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොළඹ යුද හමුදා රෝහලේ ලිංගේන්ද්‍ර මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් කේ. සුදර්ෂන්, කපිතාන් ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තාමෂා ප්‍රේමතිලක සමඟ එක්ව ශල්‍යකර්මයේ මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

ශල්‍යකර්මයේදී නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් සී.එස්. අබේසිංහ ද දායක වූ බව පැවසේ.

යුද හමුදා වෛද්‍යවරුන් විසින් බ්‍රහස්පතින්දා (1) කොළඹ යුද හමුදා රෝහලේ දී ඉවත් කරන ලද ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් සමන්විත වෙයි.

දැනට පවතින ගිනස් වාර්තාවට අනුව ලොව විශාලතම වකුගඩු ගලට 2004 වර්ෂයේදී ඉන්දියාව හිමිකම් කියන අතර එය සෙන්ටිමීටර 13 ක් වනවා.

එමෙන් ම බරින් වැඩිම වකුගඩු ගල 2008 දී පකිස්ථානයෙන් වන අතර බරින් ග්‍රෑම් 620 ක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *