Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2050දී ඇමෙරිකාව පසු කරමින් ඉන්දියාව ඉදිරියට

3 years ago

2050 වසරේදී ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඉන්දියාව පැමිණෙනු ඇති බව පී.ඩබ්ලිව්.සී සමාගමේ’ 2050 වසරේ ලෝකය නම්’ වාර්තාව උපුටා දක්වමින් යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පුරෝකථනය කර තිබෙනවා.

වර්තමාන ලෝක ආර්ථිකයේ බලවතුන් අතර දෙවැනි ස්ථානයේ පසු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

එම වාර්තාවට අනුව 2050 වසරේ දී ලෝක ආර්ථික බලවතුන්ගේ ලයිස්තුවේ පළමු ස්ථානය චීනයටත් දෙවැනි ස්ථානය ඉන්දියාවටත් තෙවැනි ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයටත් සිව්වන ස්ථානය ඉන්දුනීසියාවටත් පස්වන ස්ථානය බ්‍රසීලයටත් හිමි වනු ඇති බවයි පුරෝකථනය කර තිබෙන්නේ.

ගෝලීය ආර්ථිකය 2050 වසරේදී සියයට 130 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරන බවත් ඉන් සියයට 20ක දායකත්වය චීනය ලබා දෙනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා.

2050 වසරේදී ඉන්දියාව ලබා දෙන දායකත්වය සියයට 15 දක්වා ඉහළ යන බවයි එම පුරෝකථනයේ දැක්වෙන්නේ.

එයට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපදය ගෝලීය ආර්ථිකයට ලබා දෙන දායකත්වය සියයට 12 ක් දක්වා පහත වැටෙන බවයි එම පුරෝකථනයේ සඳහන් වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *