Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

22ට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි! තීරණය කල්තැබේ!

2 minutes ago

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම් පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එම පෙත්සම් අද (01) විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම සිදුකළේය.

ඒ අනුව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය සිටින සියලු විනිසුරුවරු අසුන් ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලී සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සිදුකළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඬුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඬුල්ලක විනිසුරුවරු සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතුවන බවපෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ඇතුළු නීතිඥවරු විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඬුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතුවන බව පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය තීරණය ලබාදීම මෙලෙස කල්තැබීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *