Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අසමත් සිසුන්ට නව වැඩපිළිවෙළක්

3 years ago

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂ දෙක සහ උසස් පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂයක ප්‍රමාණයත් ඇතුළුව සිසුන් ලක්ෂ තුනකගේ අනාගතය සාර්ථක කරවිමේ කාර්යභාරය ඉටු කිරීමට විශේෂ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති රුචික අමරසේකර පවසනවා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපති රුචික අමරසේකර,

“සාමාන්‍ය පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක් විතර අසමත් වෙනවා. උසස් පෙළ විභාගයෙන් 96,000 ක් විතර අසමත් වෙනවා. උසස් පෙළ විභාගයෙන් වැඩ තුනම අසමත් වන දරුවන් 26,000 ක් පමණ සිටිනවා. මේ තත්වය හමුවේ සාමාන්‍ය පෙළ අසමත් වන දරුවා ත්‍රී රෝද රථයකට නැඟීම වැළක්වීම සඳහා වැඩපිළිවළක් දියත් කළ යුතුව තිබෙනවා. සාමාන්‍ය පෙළ අසමත් වුණ දරුවන් නිතරම සමාජයෙන් කොන් කිරීමකට ලක් වෙනවා. සාමාන්‍ය පෙළ අසමත් වන ලක්ෂ දෙකත් උසස් පෙළ අසමත් වන ලක්ෂයත් ඇතුළුව ඒ ලක්ෂ තුන බලා ගන්න අපට පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා අපට විශාල වැඩපිළිවෙක් අවශ්‍ය වෙනවා. ඒ කාර්යයයි අපි මේ කර ගෙන යන්නේ. විදෙස් රටවල සේවය කරන අපේ සහෝදර සේවක පිරිසට ඒ රටවලටම ගොස් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා NVQ 3 හෝ NVQ 4 වර්ගයේ වෘත්තිය පුහුණු සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙත් අප ආරම්භ කර තිබෙනවා. මෙමගින් විදෙස් රටවල සේවය කරන පිරිසට ඔවුන්ගේ හැකියාවට සුදුසුකමට සහතිකයක් ලැබෙන අතර ඔවුන්ගේ රැකියාවේ උසස්වීම් ලබා ගැනිමටත් වැඩි වැටුපක් ලබා ගැනිමටත් එය උපකාරි වනු ඇති.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *