Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අක්ෂි රෝගයට අමතරව තවත් රෝගයක් පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් පැතිරීම ඇරඹෙයි

3 years ago

අක්ෂි රෝගයට අමතරව, මේ වනවිට පාසල් සිසුන් අතර, උණ සමග පාචනය රෝගය ද පැතිර යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

පාසල් ළමයින් අතර පැතිර යන ඇස් රෝගය මේ දිනවල බහුල වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමක් ද සිදුකරනු ලැබුවා.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හදුන්වන මෙම රෝගය වෛරසයක් හේතුවෙන් ව්‍යාප්ත වන අතර, ඇස්වල වේදනාව, කඳුලු ගැලීම, රතු වීම සහ ඇස් කැසීම එහි රෝග ලක්ෂණයි.

දිවයිනේ ප්‍රදේශ රැසක පාසල්වලින් මෙම අක්ෂි රෝග තත්ත්වය වාර්තා වී තිබුණා.

කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ කිසියම් අක්ෂි රෝගයක් තිබේනම් දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙසටයි.

මේ අතර, අක්ෂි රෝගයට අමතරව පාසල් සිසුන් අතර අද වනවිට උණ රෝගයක් ද පැතිර යන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *