Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේ ගොවියෙකුට ග්වාතමාලාවෙන් මිලියන සීයක කුඩු පාර්සලයක්

2 years ago

ශ්‍රී ලංකා රේගුව විසින් Crystal Methamphetamine ලෙසද හැඳින්වෙන අයිස්’ තොගයක් සොයාගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මිලියන සියයක් පමණ වන බවට ගණන් බලා ඇත.

ග්වාතමාලාවේ සිට ගුවන් තැපැල් සේවාව හරහා එවූ මෙම පාර්සලය සීදූව ප්‍රදේශයේ කුරියර් සේවාවකට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එවන ලද පාර්සලයේ තිබූ මෝටර් රථ එන්ජින් කොටසක් තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

මෙම පාර්සල එරට සිට යොමු කර ඇත්තේ පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගොවියකුටය.

ඔහු එම පාර්සලය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් එම පාර්සලය විවෘත කර ඇත.

එය තුළ තිබී කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 101ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර එහි වෙළඳපොළ වටිනාකම මිලියන සීයක් පමණ වන බවට ගණන් බලා තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *