ශ්‍රී ලංකා රේගුව විසින් Crystal Methamphetamine ලෙසද හැඳින්වෙන අයිස්’ තොගයක් සොයාගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මිලියන සියයක් පමණ වන බවට ගණන් බලා ඇත.
ග්වාතමාලාවේ සිට ගුවන් තැපැල් සේවාව හරහා එවූ මෙම පාර්සලය සීදූව ප්‍රදේශයේ කුරියර් සේවාවකට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
එවන ලද පාර්සලයේ තිබූ මෝටර් රථ එන්ජින් කොටසක් තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
මෙම පාර්සල එරට සිට යොමු කර ඇත්තේ පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගොවියකුටය.
ඔහු එම පාර්සලය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් එම පාර්සලය විවෘත කර ඇත.
එය තුළ තිබී කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 101ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර එහි වෙළඳපොළ වටිනාකම මිලියන සීයක් පමණ වන බවට ගණන් බලා තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි