119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු සඳහන් ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකුට වසර 5ක අත්හිටවූ සිරදඬුවමක් නියම කර තිබෙනවා.
සැකකරු ඊයේ (03) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් 06 වැනි දින සැකකරු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් ස්ථානයේ නිලදාරීන් මත්පැන් සාදයක් පවත්වන බවයි.
එම තොරතුර මත හැටන් සහකාර පොලිස් අධිකාරීවරයා ගිනිගත්හේන පොලිස් ස්ථානය වෙත ගොස් හදිසි පරික්ෂා කිරීමක් සිදුකර ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ අදාළ තොරතුර ව්‍යාජ තොරතුරක් බවයි.
ඒ අනුව සැකකාර ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදි සැකකරු විසින් වරද පිළිගෙන තිබේ.
ඒ අනුව සැකකරුට මෙලෙස අත්හිටවූ සිරදඬුවමක් හා විමර්ශණය සිදුකළ පොලිස් නිලධාරියා වෙත රුපියල් 10,000ක මුදලක්ද ගෙවන ලෙස නියම කර තිබෙනවා.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය