සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 6,000ක දේපළ තහනම් කර ඇති බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.
2024 වසරේ සැප්තැම්බර් 21 වැනිදා සිට මේ දක්වා සැකකරුවන් 66 දෙනෙකු මෙරටට රැගෙනවිත් තිබෙනවා.
එම සැකකරුවන්ද ඇතුළුව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලත් සැකකරුවන්ට අදාළ විමර්ශන 113ක් සම්බන්ධයෙන් එම දේපළ සහ වත්කම් තහනම් කර ඇති බවයි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියා සිටියේ.
ඒ අනුව, සැකකරුවන් 102කට අයත්ව තිබූ රුපියල් මිලියන 5,423ක දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වන අතර, පුද්ගලයින් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ වනවා.
පිරමීඩ වංචා සහ පුපුරණ ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 8 දෙනෙකුගේ රුපියල් මිලියන 367ක දේපළ ද ඒ අතරට අයත්.
මෙලෙස තහනම් කළ දේපළ අතර රත්තරන් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 140ක්, අක්කර 136ක ඉඩම්, නිවාස 55ක් සහ වාහන 142ක් ඇති බව සදහන්.
2024 වසරේ සැප්තැම්බර් 21 වැනිදා සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් අතර රතු නිවේදන නිකුත් කළ ලද සැකකරුවන් 28 දෙනෙක් සිටින අතර, රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් 38 දෙනෙකු සිටිනවා.
2024 සැප්තැම්බර් මාසයෙන් පසුව මේ වන විට අන්තර්ජාතික පොලිසිය හරහා සැකකරුවන් රැගෙන ඒමට අවශ්‍ය රතු නිවේදන 110ක් අලුතින් නිකුත් කර තිබෙනවා.
පසුගිය අගෝස්තු 18 වැනිදා වන විට මෙරට පොලිසිය මගින් නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 236ක්.
ඒ අතරින් රතු නිවේදන 96ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා.
පොලිස් වාර්තාවලට අනුව ඉන් 35 දෙනෙකු සිටින රටවල් ද හඳුනාගෙන තිබෙන අතර, ඒ අනුව සැකකරුවන් 18 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද, 11 දෙනෙකු ඉන්දියාවේ සැඟවී සිටිනවා.
එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලිය යන රටවල සැකකරුවෙකු බැගින් සැඟවී සිටින බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

පොල් පලදාව පහළට
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්