ප්‍රපාතයකින් පහළට ඇඳ වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.
මහාරාෂ්ට්‍ර හි ඡත්‍රපති සම්භාජිනගර් දිස්ත්‍රික්කයේ පිහිටි ඛාව්ඩා කඳුකර ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.
දේව්ලායි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු උදෑසන 10:00ට පමණ මෙම කඳු මුදුනට පැමිණ ප්‍රපාතය අසල සිටගනිමින් සියදිවි නසාගන්නා බවට සිය දෙමාපියන්ට තර්ජනය කර තිබේ.
පසුව එම ස්ථානයට රැස්වූ ගම්වාසීන්, පොලිස් නිලධාරීන් සහ තරුණයාගේ මව පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔහුව ප්‍රපාතයෙන් ඉවතට ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇත.
එහෙත් තරුණයා එම ඉල්ලීම් නොසලකා හරිමින් දිගින් දිගටම ප්‍රපාතය අසල රැඳී සිට ඇති බව වාර්තා වේ.
පසුව පහළ සිටි පියාද කඳු මුදුනට නැග පුතුට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කර තිබේ.
දහවල් 1:00ට පමණ තරුණයා ප්‍රපාතය දෙසට තවත් ලං වන විට, පියා විසින් ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාම ප්‍රපාතයෙන් පහළට වැටී ඇත.
ඔවුන් දෙදෙනා ප්‍රපාතයෙන් පහළට ඇඳ වැටීමෙන් මොහොතකට පසු මවද කඳු මුදුනෙන් පහළට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් අවාසනාවන්ත ලෙස ඔවුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට
කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
FIFA වෙතින් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට රතු එළියක්! ලෝක කුසලාන ඉතිහාසයේ බරපතළම දඬුවම් අතරට එක්වූ තහනමක්!
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ ලබන සතියේ දිවයිනට
නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාරව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි
පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමට ගිය 6කට වැඩ වරදී
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්
නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනපති නිකුත්කළ ශෝක පණිවුඩය
සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට යළිත් ලිපියක්
රුමේෂ් තරංගගෙන් යළිත් සුපිරි දස්කමක්
මිදුලේ නවතා තිබූ ට්‍රැක්ටරයකට යටවී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි
දිවිසැරිය නිම කළ නන්දා මාලනියට ජනපති අවසන් ගෞරව දක්වයි