කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිටි තරුණියක් පැහැරගැනීමට දැරූ උත්සාහයක් පොලීසිය අද (29) ව්‍යර්ථ කළේය.
මෙම පැහැරගැනීම තරුණියගේ පෙම්වතා විසින් සිදු කර ඇති බව පොලීසිය පැවසීය.
මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙන යන බවට අද දහවල් 01.30ට පමණ නාරාහේන්පිට පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නතර කිරීමට උත්සාහ කළ ද එය පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කර ඇතැයි සඳහන්ය.
පසුව නාරාහේන්පිට නාවල පාරේදී ද එය නවතන ලෙස යළිත් සංඥා කළ ද රථය නොවත්වා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.
එහිදී රියදුරා මෝටර් රථය දමා පලාගොස් ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂාවේදී රථය තුළ තරුණියක් සිට ඇති අතර ඇය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැහැරගැනීමට ලක්වූ තරුණිය බවට හඳුනාගෙන ඇතැයි සඳහන්ය.
අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෝටර් රථය ධාවනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා බවය.
ඔවුන් දෙදෙනා මාතර වැලිගම සහ මිදිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
තරුණිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා සිය පවුලේ ඥාතීන් සමග බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ ඇති අවස්ථාවේ මෙම පැහැරගැනීමට ලක්ව තිබේ.
සිය පෙම්වතාට නොදන්වා ඇය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීම සඳහා පැමිණ ඇති අතර ඇය පැහැරගෙන යන බවට පොලිසියට දැනුම් දී ඇත්තේ තරුණියගේ පියා බවට තොරතුරු වාර්තා වෙයි.
පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගොස් ඇති අතර තරුණිය අද පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කෙරිණි.
මේ අතර එම මෝටර් රථය ද පැහැරගැනීම සිදුකළ පෙම්වතාගේ වන අතර එය තරුණියගේ පියා උපාධි ප්‍රදානෝත්සවයට රැගෙනවිත් ඇති බවත් මේවනවිට හෙළි වී තිබේ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති නිශාත්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ දකුණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් යටතේ විමර්ශන සිදු කෙරේ.
(source – ada derana)

ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති