ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඉන්දීය ඉනිම ශක්තිමත් කළ Devdutt Padikkal ලකුණු 117ක් ලබාගත් අතර, නොදැවී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Dhruv Jurel ලකුණු 115ක් රැස් කළේය.
මීට අමතරව Rishabh Pant ලකුණු 63ක් සහ Shubman Gill ලකුණු 50ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම සටහන් කළ අසිත ප්‍රනාන්දු ලකුණු 106කට කඩුලු 4ක් දවාගත්තේය.
තවද ප්‍රභාත් ජයසූරිය ලකුණු 132කට කඩුලු 2ක්ද, කේෂර නුවන්ත ලකුණු 154කට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුළු 2ක් දැවී ලකුණු රැස් කරගෙන සිටියා.

“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව